Sunday, November 22, 2009

දිදුළයි ඔබ නිති මවුනි දයාදර....

මමන දා බිදු සුවද සොයා ඔබ
අප වෙත පෑ කරුණා ගුණෙනා
ගණිදු බලේ අප වෙත ලැබ දෙන්නට
මැවු මාළිග තවමත් දිළෙනා

මුවළගිනිය ඔබ සෙනෙහෙ පිරුණ විල
නැත උපමා තව තව ගෙතෙනා
ඇත් රැජිණිය ඔබ දරු පෙම හදුනන
නැත දෙන්නට පුද පඩුරු සදා

අරුණාලෝකය දැක හිනැහෙ‍යි ඔබ
හෙට පූදින නව පැතුම් නිසා
වේ සිහිනය නුඹෙ නෙතු අග දිදුළන
ඔබෙ දරුවන් රජවරුන් වනා

දිදුළයි ඔබ නිති මවුනි දයාදර....
ඉරබට තරුවක් ලෙසින් සදා

1 comment:

  1. අදයි මංගො ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ.
    ලස්සනයි. අමුතු ලස්සනක් තියනව ඔයාගෙ කවි වල
    බ්ලොග් එක සින්ඩියට දැම්මොත් නරකද? මෙතනින්න දාන්න.
    http://blogs.sinhalabloggers.com/add-blog/
    සුභ පැතුම්.....
    දිගටම ලියන්න

    ReplyDelete