Sunday, November 22, 2009

දිදුළයි ඔබ නිති මවුනි දයාදර....

මමන දා බිදු සුවද සොයා ඔබ
අප වෙත පෑ කරුණා ගුණෙනා
ගණිදු බලේ අප වෙත ලැබ දෙන්නට
මැවු මාළිග තවමත් දිළෙනා

මුවළගිනිය ඔබ සෙනෙහෙ පිරුණ විල
නැත උපමා තව තව ගෙතෙනා
ඇත් රැජිණිය ඔබ දරු පෙම හදුනන
නැත දෙන්නට පුද පඩුරු සදා

අරුණාලෝකය දැක හිනැහෙ‍යි ඔබ
හෙට පූදින නව පැතුම් නිසා
වේ සිහිනය නුඹෙ නෙතු අග දිදුළන
ඔබෙ දරුවන් රජවරුන් වනා

දිදුළයි ඔබ නිති මවුනි දයාදර....
ඉරබට තරුවක් ලෙසින් සදා
කාලය සමගින් අත් අල්ලා ගෙන
මා ලියූ ඒ පොත,
කියවීමි දිනක්...
සති ගනන් ගෙවමින් ,
සැරිසැරුව ද පිටු අතර
තවමත් සො‍යන්නෙමි
.................
දිවියේ යථාර්තය....

Wednesday, November 18, 2009


හිරු මඩළ අත වනා

සැදෑ කළුවර ගාටමින් විත්

වෙරළ සිප ගෙන හමන මද නළ

ගත සීතලෙන් වෙළා ගත් කළ

උණුසුම දුන් නුඹ,

පුන්චි සරුන්ගල් හා කෙළිදෙළෙන්

කිරි සිනා හඩින් වැල්ල පිරවූ පුන්චි පැටවුන් ඉගිල ගිය කළ

මා හා තනියට සිටි නුඹ,

දිවියෙ රිද්මය සොයා දියඹ හැර ඔරුව සයුරු තෙර වෙත ගියද

මා හැර නොගිය නුඹ,

අහස් කුස අමාවක කළුවර තවරා මසිත බිය ගැන් වූ කළ

මා හා සිනා සුනු සදවත නුඹ,

හිරු මිලින වී මල් කැකුළු නිදි වැටී හිදින කළ

මා හා මිමිනූ කුමුදු මල් කැකුළ නුඹ,

කිමද අද ගොලු වෙලා...

පූදිනා මසිත් මල් කැකුළු දවාලන්නේ

කාශ්ඨක හිරු එළිය වී

ඔබේ නාමෙන් ලියූ කවි වැල් ඔච්චම් කරයි

කිමද මෙලෙසින් නිහඩ වූයේ

මගේ කවි සිත පුබුදු කළ ආදරය නුඹ...
මද පවන හා මිතුරුව
මද සිනා සලන
නුඹකියන ජීවිතය ගැන
අසන්නට සිත් වුනෙන්
සොදුරු වූ නුඹ ළගට ළ ව
කටු ගහන නටුව බියගැන්වු ද මා
නෙළා ගත්තෙමි පරිස්සමින් නුඹව
....................
ඒත් නුඹ මිලින විය.

දිවයුරු නැගෙන සද පිබිදෙන සිත් මල්

සෞන්දර්යය වෙච්ත්‍රය

කදුළ සුසුම මැද පූදින්නට වෙර දරන මල් කැකුළු පොඩි

අත වනා කෑ ගායි හෙට දවසට

කලු වලා ගුළි ඇවිත්

නිල් ගුවන වෙළා ගෙන

අදුරු වූ මාවතේ පියමනින

.........

සොයමින් මිනිසත්කමේ සුවද

පවුරු පදනමින් බැදී ගත්

රත් වූ සිත් යදම්

සුවපත් කරනට උළිදු

ගුවනට පැමිනෙණ දිනක් ගැන

.........