Wednesday, March 10, 2010

හැඩි වෙලා මුලු මිදුලම
අඹ ගහේ දග කරන ලේන් පැටවු
අඹ කොළ හැම තැනම ව්සි කරලා
......

අමදා මිදුල
විසි කළෙමි අඹ කොළ දෝතට ගෙන
......

දග කරපු වැලි කැට
එක පෙළට දැන් භාවනාවකට මෙන්
සන්සුන්ව
......

අඹ අත්තෙන් ගිලිහී ආ අඹ කොළයක් වැටුණි
විසුරුවා දමමින් ඒ වැලි කැට

යදමින් සිර නොවූ නිවහල් හෙටක් උදෙසා........

මුහුදු රළ ඇදි ඇදී
වෙරළටම අවුදින්
දෙපා සිප යලි හැරී
මුහුදටම ඇදෙන කොට
නවතාලනුයේ කෙසේද?

පුංචි කොද මල් කැකුළ
හිරි කඩා දිග හැරී සුගන්ධය විහිදුවා
මිලින වී
ගං දියේ පාවී යනකොට
නවතාලනුයේ කෙසේද?

ආදරයේ මිහිරි කව
දෙසවන් කිතිකවා
තනුව සොර ඉගිල ගොස් සිත් අහස ගුගුරුවන විට
නවතාලනුයේ කෙසේද?

විටෙක සිනව දී විටෙක කදුල දී
ඔච්චම් කරමින් සැරිසරන
ජීවිතයේ අනියත බව
නවතාලනුයේ කෙසේද?

සොයන්නෙමි....

නිදි වරමින් රැ තුන්යම
ඇස් ගෙඩි වෙහෙසවමින්
මේ පත්තීරු පීරමින්
සොයන්නෙමි ජීවිතයක්
උඹලාගේ උන්ට,
දහසකුත් එකක් පැතුම් පොදි බදාගෙන
හිස් අහසට කට බලියන් ඉන්න
උඹලාගේම උන්ට
මිනිසත්කම තලාපෙලා ගොඩ එන්නට පොර බදින
උඹලාගේම උන්ට
හෙටක් ගැන හිතන්නට
හිතක් නතුව ලතවෙමින්
කදුළු වගුරමින් මොරදෙන
උඹලාගේ උන්ට
සොයන්නෙමි ජීවිතයක්..
ගිනි ගහන කාශ්ඨකෙ
ඔලුව වෙළාගෙන....
රත් වෙච්ච කලු ගල් පොඩි
ඔච්චම් කරන හැටි නිරුවත් දෙපා වලට....
ඇයි මෙතරම් කෙණෙහිලිකම් උඹලාගේ ලෝකයේ

දෙසවන් බිය වද්දමින්
වලා ගුලි පොර බදි
හෙණ හඩ නංවමින්
මොර ගෙඩි තරම් වූ වැහි කැට
පතිත වේ මගෙ හිස මතට
ඒත්,
උඹලාගෙ ලෝකයේ
කොහිද මට හෙවණක්...