Wednesday, November 18, 2009


හිරු මඩළ අත වනා

සැදෑ කළුවර ගාටමින් විත්

වෙරළ සිප ගෙන හමන මද නළ

ගත සීතලෙන් වෙළා ගත් කළ

උණුසුම දුන් නුඹ,

පුන්චි සරුන්ගල් හා කෙළිදෙළෙන්

කිරි සිනා හඩින් වැල්ල පිරවූ පුන්චි පැටවුන් ඉගිල ගිය කළ

මා හා තනියට සිටි නුඹ,

දිවියෙ රිද්මය සොයා දියඹ හැර ඔරුව සයුරු තෙර වෙත ගියද

මා හැර නොගිය නුඹ,

අහස් කුස අමාවක කළුවර තවරා මසිත බිය ගැන් වූ කළ

මා හා සිනා සුනු සදවත නුඹ,

හිරු මිලින වී මල් කැකුළු නිදි වැටී හිදින කළ

මා හා මිමිනූ කුමුදු මල් කැකුළ නුඹ,

කිමද අද ගොලු වෙලා...

පූදිනා මසිත් මල් කැකුළු දවාලන්නේ

කාශ්ඨක හිරු එළිය වී

ඔබේ නාමෙන් ලියූ කවි වැල් ඔච්චම් කරයි

කිමද මෙලෙසින් නිහඩ වූයේ

මගේ කවි සිත පුබුදු කළ ආදරය නුඹ...

No comments:

Post a Comment